දෙවන වර්ගයේ දියවැඩියාව

සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ක්‍රියාශීලී වීම තුලින් ඔබගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගත හැක. එය ඔබගේ බර පාලනය කිරීමට උදව් වන අතර සාමාන්‍යයෙන් සුවපහසුවක් දැනේ.

ඔබට විවිධ වර්ගයේ ආහාර අනුභව කළ හැකිය

දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතත් ඔබට කෑමට නොහැකි දෙයක් නැත. නමුත් සමහර ආහාර වර්ග සීමා කල යුතුය. ඔබ කළ යුතුයි:

  • පලතුරු, එළවළු සහ පැස්ටා වැනි සමහර පිෂ්ඨමය ආහාර ඇතුළුව විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීම
  • සීනි, මේදය සහ ලුණු අවම වශයෙන් තබා ගන්න
  • සෑම දිනකම උදේ ආහාරය, දවල් ආහාරය සහ රාත්‍රී ආහාරය ලබාගන්න. ආහාර වේල් මග හරින්න එපා

ඔබ ඔබේ ආහාර වේල වෙනස් කිරීමට අවශ්ය නම්, සෑම සතියකම සුළු වෙනස්කම් කිරීම පහසු වනු ඇත. වැදගත් - ඔබ සාමාන්‍ය දියවැඩියා පරීක්ෂාව කර ගන්නා අතර සෑම වර්ෂයකට වරක්ම ඔබගේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පරීක්ෂා කර ගැනීම සුදුසුය.

ක්‍රියාකාරී වීම ඔබගේ රුධිරයේ සීනි මට්ටම අඩු කරයි

ශාරීරික ව්‍යායාම ඔබගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ඔබ සතියකට පැය 2.5 ක ක්‍රියාකාරකම් ඉලක්ක කර ගත යුතුය. ඔබ මොන දේ කලත් ඔබගේ ඇගට මහන්සිය දැනෙන සේ ඔබ එය කරන්නේ නම් ඔබට කොතනදී හෝ වුවද ක්රියාශීලි විය හැකිය මේවාට:

  • වේගයෙන් ඇවිදීම
  • පඩි නැගීම
  • වෙහෙස මහන්සි වී ගෙදර දොරේ වැඩ කිරීම හෝ ගෙවතු වගාව ඇතුලත් වේ

ඔබේ බර වැදගත් වේ

ඔබගේ ශරීරයේ බර අඩු කර ගැනීම මගින් (ඔබගේ ශරීරයේ බර වැඩි නම්) ඔබගේ රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීමට සහ ඔබගේ රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කර ගැනීමට ඉතා පහසු වේ. ඔබ තරබාරු දැයි දැනගැනීම සඳහා ශරීර ස්කන්ධ දර්ශකය උපයෝගී කර ගන්න (BMI). ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් කාලයත් සමග එය සෙමින් කරන්න. සතියකට 0.5 සිට 1.0 දක්වා අරමුණු කර ගන්න.